වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේ සිට 20 දෙනෙකුගෙන් යුතු පවුලේ සමාජිකයන් පිරිසක් නුවරඑළිය ප්රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ හොර්ටන්තැන්න සංචාරයට පැමිණ ඇති අතර
ඔවුන් එහි සිරි නරඹා නුවරඑළිය දක්වා ගමන් කරන අතරතුර පස්වරු 4.30ට පමණ අධික බෑවුමක් සහිත ප්රදේශයක බස් රථයේ තිරිංග ක්රියා විරහිත වීම හේතුවෙන් බසය නතර කර ගැනීමට අපහසුවී තිබේ. මේ හේතුවෙන්
ප්රධාන මාර්ගය අභියස පස් කන්ඩියක ගැටී මාර්ගය හරහා ඇදවී පෙරළී එය නතරවී තිබේ.
රියදුරුගේ උත්සාහය නිසා සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය අතර අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.
පෙරලුණු බස් රථය ඉවත් කිරිමේ කටයුතු නිසා හොර්ටන්තැන්නට වාහන ඇතුල් කිරීම තාවකාලිකව නතර කර ඇත.
0 Comments