The-police-minister-seeks-information-about-the-polices-false-drug-case

කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී පුද්ගලයකු ඊයේ (06) හදිසියේ ඇද වැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ, සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි

ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති අයකු බවට පොලිසිය සඳහන් කරයි.

මියගිය තැනැත්තා ඉඩමක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය එය විභාග කරමින් සිටියදී ඔහු හදිසියේ සිහිසුන්ව ඇද වැටී  ඇතැයි පොලිසිය පවසයි.

ඔහු සුව සැරියෙන් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
සුමිත් පොතුපිටිය