මහනුවර හෝටලයක පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇතිවූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියෙකුට පහරදී කළහාකාරී ලෙස හැසිරුණු 06ක් මහනුවර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.
මෙම පහරදීම සිදුවී තිබුණේ පසුගිය 09 වෙනිදාය.
එහිදී පොලීසිය මුලින් ප්‍රකාශකරනු ලැබුවේ දෙපාර්ශවයක් අතර අතර ඇතිවූ ආරවුලක් සමථ කිරීමට උත්සහ කිරීමේදී පය ලිස්සා ඇද වැටීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ බවය.
කෙසේ වෙතත් ඊයේ සැකකරුවන් 06 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරියාට පහරදී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන් සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 23ක ශිෂ්‍යෙයක්, ව්‍යාපාරිකයන් තිදෙනෙක්, ආයතන කළමනාකාරුවෙක් සහ ක්‍රීඩා පුහුණුකරුවෙක් සිටින බව පොලීසිය කියයි. මේ අය අවුරුදු 27ත් 30ක් අතර වයස්වල පසුවන්නන්ය. ඔවුන් මහනුවර, පේරාදෙණිය සහ ඉගිණියාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
0 Comments