
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ අයාලේ යන සුනඛයන් ගැවසෙන ආකාරය ඊයේ උදෑසන ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පිරිස්වලට දැක ගැනීමට හැකි විය. එම සුනඛයෝ කටුනායක ගුවන්තොටුපළ වෙත පිවිසෙන දෙස් - විදෙස් සංචාරකයන් ඉව කරමින්, ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිටියහ. මෙය ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවද ප්‍රශ්නයක් බවට පත්වී තිබේ.
ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැගිලි පිවිසුම් දොරටු අසල ගැවසෙමින් ගුවන්තොටුපළ පරිශ්‍රය තුළද සැරිසරන බව මේ පිළිබඳව විසීමේදී එහි සේවකයෝ කියති. මෙම සුනඛයන් කිසියම් ක්‍රමයකින් ගුවන්තොටුපළ ධාවන පථයට හෝ ගුවන්යානා අංගණය වෙත පිවිසියහොත් එයින් බරපතළ අනතුරු සිදු වීමේ හැකියාව පවතී . මීට පෙර වසරවලදී කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් වෙඩි තැබීමට විශේෂ නිලධාරින්(Dog Shooter) පත් කර තිබුණි.
ටී.කේ.ජී.කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval