ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.
මොහු ප්‍රංශයේ ජීවත් වෙමින් මත්කුඩු ජාවාරම් හා පාතාල කල්ලි මෙහෙයවා ඇති බවට වාර්තා විය.
පුද්ගලික ආරවුලක් මත කුඩු අංජුගේ බිරිඳ ප්‍රංශ පොලීසියට කළ පැමිණල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
සිය බිරිය සමඟ ඇති වූ ආරවුලක් මත බිරිය විසින් එරට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව දින 2කට පෙර ප්‍රංශ පොලිස් අත්අඩංගුවට පත් වූ කුඩු අංජු ගැන තොරතුරු මේ වන විට මෙරට ආරක්ෂක අංශ වෙත ලැබී ඇත.
කුඩු අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඒ ඔස්සේ ඔහු මෙරටට ගෙන්වාගැනීමට ඇති හැකියාව ගැන මෙරට පොලිසියේ අවධානය යොමුව ඇත.
රත්මලාන ගොනාකෝවල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියාගේ ඝාතනය ඇතුළු අපරාධ රැසකටම මෙරට දී සම්බන්ධ වී ඇති අයෙකි.
කුඩු අංජු ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ඉල්ලමින් පාතාලයේ ක්‍රියාකාරකම් ඇරඹූ අයෙකි. පසුව කුඩු අංජු ඩුබායි රැඳී සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවා තිබුනේ ඔහුටම යැයි කියා කල්ලියක්ද ගොඩනගමිනි. මොරටු සමන්ගෙන් පසු මොරටුවේ ඔළුව උස්සන ලද පාතාල අපරාධකරුවෙක් වන්නේ අංජුය. මොරටුවේ අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ අංජු මේ නිසා තරගකාරීන් මරාදමන්නට සැලසුම් සකස් කළේය. 2018 දී ධනංජයගේ පියා මරා දමන්නේද ඒ අනුවයි.
මොරටුව ලක්මැදුර හෝටලයට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහු කටයුතු කර තිබුනේ කප්පම් සිද්ධියක් මුල් කරගෙනයි.
අංජුගේ බාල සහෝදරයා වන සංජුව ඝාතනය කළ නිසා අංජු සමග එතෙක් එකට වැඩ කළ ගොනා කෝවිලේ රොහා සමග වෛර බැඳගන්නා අංජු, රොහාගේ කල්ලිය සමග කාලයක් තිස්සේ සටන් කලේය. පාතාල ඝාතන රැසක් සිදු කළේය. රොහා බන්ධනාගාරයේ සිටින විට සයනයිඩ් කවා මරන්නට සැලසුම් කළේය. සොරකම් සිද්ධියකට බන්ධනාගාරගතව නැවත එලියට ආ රොහා 2020 දී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලකවේ. එයින් සතුටට පත්වූයේ කුඩු අංජුගේ කල්ලියයි.
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ රත්මලානේ කුඩු අංජුගේ ගෝලයින් පරිහරණය කළ නිවාස ඇතුළු දේපළ කිහිපයක් 2022 ජනවාරි මස අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශනය කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුණි.
ඒ අනුව නිවාස 02 ක් මුදල් සහ රුපියල් ලකෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.
එම නිවාස හා රන් භාණ්ඩ පරිහරණය කළ 43 හැවිරිදි සංජීවනී නමැති කාන්තාවක් ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඇගේ සැමියා වන ශාන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව පසු වන බව විමර්ශන නිලධාරීන් වාර්තා කර තිබුණි.
මෙම කාන්තාව ගෘහ භාණ්ඩ වෙළඳාමෙහි නිරත වන බව හුවාදක්වමින් අංජු සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය විය.
අමල් සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” සමග එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් “ඇල්ටෝ ධර්මේ” ඇතුළු ගෝලයෝ යොදාගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියාකාරකම් සිදු කර තිබුණි.ප්‍රංශ පොලිස් අත්අඩංගුවට පත් වූ කුඩු අංජු මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
0 Comments