langama-driver

කැප්පෙටිපොළ සිට ඔහිය දක්වා ඊයේ (06දා) ධාවනය වූ කැප්පෙට්ටිපොළ ඩිපෝවට අයත් ලංගම බසයක් ඔහිය ප්‍රදේශයේදී හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා සිදුවීමට ගිය මහා අනතුරක් රියැදුරාගේ දක්ෂතාව නිසා වළක්වා ගැනීමට සමත්ව තිබේ.  ඒ වනවිට අදාළ බස්රථයේ මගීන් පස්දෙනෙකු ගමන් කොට ඇති අතර ඔහිය ප්‍රදේශයේදී එක්වරම බස් රථයේ තිරිංග අක්‍රියවීමෙන් එය රියැදුරාගේ පාලනයෙන් මිදී තිබේ.



අනතුරුව වහා ක්‍රියාත්මක වූ බස් රථ රියැදුරා වූ ඒ.ජී. එස් අසංක පියුමාල් මහතා බස් රථය පස් කණ්ඩයක ගැටීමට සලස්වා මගී ජීවිත බේරා ගැනීමට සමත්ව ඇත.  මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ පස්දෙනා තුවාල ලබා ඇති අතර ඔවුහු ඔහිය සහ දියතලාව රෝහල්වලට  ඇතුළත් කොට සිටිති. අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පවසයි.
 ප්‍රසන්න පත්මසිරි