matara-house-threat

මාතර ප්‍රදේශයේ නිවසකට ඊයේ (26) රාත්‍රී ඇතුළු වූ මැර කණ්ඩායමක් එම නිවසේ සිටි මව,පියා,දියණිය හා පුතා යන සිව් දෙනාට බරපතල ලෙස කැපුම් තුවාල සිදු කර පළාගිය සිදුවීමක් වාර්තා වෙයි.


 මාතර බෙංගමුව පුහුල්හේන වලකඩ ප්‍රදේශයේ නිවසක මෙම සිදුවීම සිදුවිය.
මෙම නිවසට රාත්‍රි 9.00 ට පමණ පැමිණි කණ්ඩායම නිවසේ සිටි මව,පියා,පුතා සහ දියණිය යන සිව්දෙනා කපා කොටා තුවාල සිදු කර ඇති අතර පසුව ඔවුන් පැමිණි ත්‍රී රෝද රථවලින් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.තුවාල ලද අය අතර 13 හැවිරිදි පාසල් සිසුවකුද වේ. ඇගේ සොයුරියගේ වයස 17 කි. තුවාල ලද මව හා පියා 51 වන වියේ පසුවන්නන් විය.
ත්‍රීරෝද රථවලින් පැමිණි මැර කණ්ඩායම මුහුණු වසා පැමිණි බවත් බරපතල තත්වයේ සිටි පවුලේ අය දුරකථනයක් සොයාගෙන 119 හදිසි දුරකථන අංකයට කථාකර පොලිසියට මෙය දන්වා ඇති අතර ඒ අනුව පොලීසියේ නිළධාරින් පිරිසක් පැමිණ තුවාල කරුවන් ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තේය.


බරපතල තත්ත්වයේ සිටී මව සහ පුතා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති බවද පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරය පුද්ගලික කෝන්තරයක් මත සිදුව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇති අතර සැකකරුවන් අල්ලාගන්නට පරීක්ෂණ සිදුවේ.