mirihana-man-death

මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේදී අසල්වැසියන් දෙන්නෙකු අතර ඇතිවූ ආරවුලකින් පසු තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කර තිබෙන බව පොලිසිය වාර්තා කරයි.


මෙම පහරදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා 53 හැවිරිදි දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප්‍රහාර එල්ල කළ සැකකරු අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා පදිංච සිටි නිවසට යාබද නිවසක සැකකරු පදිංචිව සිට ඇති අතර ඔවුන් අතර බහින් බස්වීමක් මත මෙම පිහිඇණුම සිදුකර ඇති බවට හෙලිවී තිබෙයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය විමර්ශන සිදු කරයි.