මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ අම්රෆ් හකීමිගේ දේපළ හා වත්කම් ඉල්ලා ඔහුගේ බිරිඳ පවරා තිබූ නඩුවෙන් ඇයට අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, මෙම පාපන්දු තරුවගේ නමට කිසිදු දේපළක් නොතිබීම හේතුවෙනි. ලොව වැඩිම ගෙවීමක් ලබන, ඉහළම පෙළේ පාපන්දු කණ්ඩායමක් වූ ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමට ක්‍රීඩා කරන හකීම් තමන් සතු සියලු දේපළ හා වත්කම් සිය මවගේ නමට ලියාපදිංචි කර තිබීම හේතුවෙන් ඇයට එම ඉරණම අත්වී ඇත. මේ නිසාම මෙම පාපන්දු තරුව සතු වත්කම්වලින් හරි අඩක් ඉල්ලූ ඔහුගේ බිරිඳ හිබා අබුක්ට මේ වනවිට කිසිදු මුදලක් නොලැබෙන තත්ත්වයක් මතුවී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් දැක්වේ.
මසකට ශ්‍රී ලංකා මුදලින් කෝටි 35ක (යූරෝ මිලියන 1) ක පමණ වැටුපක් ලබන හකීම් සතුව මේ වන විට රුපියල් කෝටි 2500(යුරෝ මිලියන 700කට අධික වත්කම් ඇතත්, ඔහුගේ නමට කිසිදු වත්කමක් හෝ නොතිබීම මෙහිදී හිබාගේ දැඩි අවාසියට හේතු වී ඇත. ඔහුගේ නිවාස, කාර්, ඇඳුම් ආයිත්තම් ආදී සියලුදේම ලියාපදිංචි වී ඇත්තේ මවගේ නමට වීම විශේෂත්වයකි. එමෙන්ම ඔහුගේ වැටුපෙන් සියයට 80ක්ම බැර වන්නේද මවගේ ගිණුමකට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහිදී ඔහු තමන්ට අවශ්‍ය මුදල් පවා ඉල්ලා ගන්නේ මවගෙන් වීම විශේෂත්වයකි.
24 හැවිරිදි වියේ පසුවන හකීම් පසුගිය ලෝක කුසලානයේදී කැපී පෙණුන තරු අතරින් කෙනෙකු විය. එහිදී මොරොක්කෝව ලෝක කුසලානයේ සිවුවැනි ස්ථානයට රැගෙන ඒමට විශිෂ්ට කැපකිරීමක් සිදුකිරීමට ඔහු සමත් විය. එය අප්‍රිකානු රටක් පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව ලෙසින්ද ඉතිහාසගත විය. සිය පුත්‍රයා සමගින් ඉතා කිට්ටු සබඳතාවක් පවත්වාගෙන යන හකීමිගේ මව, මෙම ලෝක කුසලානයේදී සෑම තරගයක්ම පාහේ නැරඹීමට පැමිණ සිය පුත්‍රයා සනසනු විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ.
ඉතාලියේ ඉන්ටර් මිලාන්, ස්පාඤ්ඤයේ ඊයල් මැඩ්රිඩ් වැනි ප්‍රබල කණ්ඩායම්වලටද ක්‍රීඩා කර ඇති හකීම්, 2021 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමගින් ගිවිසුම්ගත විය. 2020 වර්ෂයේදී හකීම් විවාහ වූයේ තමන්ට වඩා වසර 12ක් වැඩිමහල්, ස්පාඤ්ඤ ජාතික ටෙලිනාට්‍ය නිළියක වූ හිබා අබොක් සමගිනි. මෙම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකුද සිටිති. කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදී හකීමිට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ අතර , මාර්තු මස අගදී ඔහුගේ බිරිඳ වූ හිබා විසින් හකීමිට විරුද්ධව දික්කසාද නඩු ගොනු කෙරිණි.
ඕෂිත වරකපිටිය
0 Comments