namal-speaks

ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන බලමණ්ඩල හමුව අමතමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ කීය.

කොලොන්නාව ආසනය කොළඹ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. ඒ වගේම හැම මැතිවරණයක දීම මේ ආසනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ හිටගත්තා. ඉතාම අසීරු අවස්ථාවල දී පවා මේ ජනතාව අපේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ගොඩනඟන්න අපි කටයුතු කළා. එදා අපිව මහ පාරේ ඇවිද්දවනවා කියපු නායකයන් හිටියා.

අභියෝග මැද අපි කටයුතු කළා. හිර ගෙවල්වල යන්නත් වුණා. ඒ සියලු අභියෝග මැද අපි පක්ෂය ගොඩනැඟුවා. ඉතාම කෙටි කලක් තුළ මේ රටේ තීරණාත්මක මැතිවරණ අපි දින්නා. ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් අපි ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය අපි ජයග්‍රහණය කළා. අපි යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. අපි දැකලා තිබුණේ, අහලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයයි. ජනතාවගේ ජීවිත උසස් කරන්න ගත්ත උත්සාහය අපි දන්නවා.

මේ රටේ ආර්ථික වර්ධනය වේගය චීනයට පමණක් දෙවැනි තැනකට ගෙනාවේ කවුද. මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කෙනෙක් නොවේ. කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කළේ කාගේ කාලයේ ද ? මගේ පියා කම්කරු ඇමැතිවරයා විදියට එදා කොරියාවේ රැකියාවලට යවන්න හදනවිට කොරියාවට නම් රැකියාවලට යවන්න එපා කියා කිවුවා. කොරියා කියලා ඔවුන් දැක්කේ කොළඹ තිබෙන වත්තයි. වත්තේ ජීවිතය වෙනස් කරලා ජීවිතයට වටිනාකමක් දුන්නේ කවුරුන්ද. මහල් නිවාස යෝජනා ක්‍රම හදුන්වා දුන්නා. දරුවන්ට බය නැතිව, ආඩම්බරයෙන් පාසල් යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නා.

කොළඹ පටු පාරවල් තිබුණේ. මංතීරු හතරේ පහේ පාරවල් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. කොළඹ වරාය නගරය ඉදිකරන්න සීගිරි ගල කඩා ගෙනෙන්න වෙයි කියූ අනුර කුමාර දිසානායක දැන් අලුත් පක්ෂයක් හදාගෙන ඒකට ව්‍යාපෘති ගේන්න සැලසුම් කරනවා. නෙළුම් කුළුණ හදනවිට හිනා වුණා. යහපාලන ආණ්ඩුව පැමිණ මේ සියල්ල අතරමඟ නතර කළා.

පෝර්ට්සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කළා. එදා රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු සොයාන්න ආණ්ඩුවෙන් පඩි දීලා කමිටුවක් පත්කළා. නමුත් අවසානයේ ඔවුන් ප්‍රකාශ කළේ එවැනි ගිණුම් නැහැ කියලයි. පසුගිය කාලයේ උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කිවුවා. රාජපක්ෂවරුන්ගේ මුදල් ගුවන් යානා ආධාරයෙන් උගන්ඩාවට රැගෙන ගොස් තිබෙනවා නම් ආන්ඩුව මැදිහත් වී ඒ සියලු මුදල් මෙරටට ගෙන එන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එහෙම කරන්න කියා ඉල්ලනවා.

එවැනි මුදලක් තිබෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ ගොස් රාජ්‍ය ආයතන විකුණන්න අවශ්‍ය වන්නෙත් නැහැ. ඔවුන් ජනතාව තුළ ඊෂ්‍යාව ගොඩනැඟුවා. වෛරය වැපිරුවා. දළ වශයෙන් ලංකාවෙන් රුපියල් බිලියන 4 ක පමණ මුදලක් පිට වෙනවා. ඒ ආණ්ඩුවෙන් නොවෙයි. පෞද්ගලික අංශයෙන්. ඉන්දියාවෙන් දළ වශයෙන් බිලියන 50 ක් පමණ පිට වෙනවා. ඉන්දියාවෙත් ඉන්නේ රාජපක්ෂලාද ? ඒත් චම්පික රණවක මහත්තයා එහෙම කියනවා “