neluwa-kid-missing-found-deaD

ගාල්ල - නෙළුව ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවෙකු අභිරහස් ලෙස මියගොස් තිබියදී අද  (16) සොයාගෙන තිබේ. මෙවර සිංහල අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව , නෙළුව  ප්‍රදේශයේ පිහිටි  තම  ආත්තම්මාගේ නිවසට ගොස් තිබුණ  වයස දෙකහමාරක් වූ මෙම දරුවා නිවසේ නොමැති බවට පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමේදී මළ සිරුර හමුව තිබුණි.
දරුවා දෙමාපියන් සමග පදිංචිව සිටියේ අලුත්ගම දර්ගා නගරයේය. දරුවාගේ මවගේ මව එනම් මිත්තණිය පදිංචිව සිටියේ නෙළුව ප්‍රදේශයේය.
දරුවා තම දෙමව්පියන් සමග අලුත් අවුරුද්දට සිය මිත්තනියගේ නිවසට ගොස් මිදුලේ සේල්ලම් කරමින් සිට ඇති නමුත් නිවැසියන් ඔහු ගැන බලද්දී අතුරුදහන් වි ඇතැයි පැවසුණි.

පසුව දරුවා අතුරුදන් බවට දරුවාගේ පියා නෙළුව පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මෙම දරුවා නෙළුව කිනියාවල  මාර්ගයේ ගමන් කරමින් සිටි බව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සදහන් කිරීම නිසා මග දෙපස පීරමින් දරුවා සොයන්නට ගම්වාසීන් උනන්දු විය.
පසුව පොලිසිය සහ ගම්වාසින් එක්ව එකී නිවස ඉදිරිපිටින් ගලා යන රංකැට ඇළට දරුවා වැටි සිටිදැයි කියා සොයා තිබුණ නමුත් දරුවා මුලදී හමුවූයේ නැත.
දැඩි පරිශ්‍රමයක් යොදා දරුවා ගැන කළ සොයා බැලීමේදී අතුරුදහන් වූ බවට වාර්තා වූ කුඩා පිරිමි දරුවාගේ සිරුර නිවස අසල රංකැට ඇළේ තිබී හමුවිය.
හමුවන අවස්ථාව වනවිටත් දරුවා මියගොස් සිටියේය.

ඔහු තනිව ඇවිද ගොස් ඇළට වැටුණ ආකාරය ගැන පරීක්ෂණයක් සිදු කෙරේ.
වයස දෙකහමාරක්වූ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකු මෙලෙස හමුවිය.
ඊයේ (15) පස්වරුවේ සිට අතුරුදන්ව සිටි මෙම දරුවා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් විසින් සෝදිසි මෙහෙයුම අද(16) උදෑසන දරුවාගේ මළසිරුර සොයාගත් පසු අවසන් කළ බව නෙළුව පොලීසිය සඳහන් කළේය.