neto-tik-tok

නේටෝ සංවිධානයේ නිලධාරීන්ට සිය ජංගම දුරකථන උපාංග හරහා TikTok සමාජ මාධ්‍ය වැඩසටහන වෙත පිවිසීම තහනම් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම වැඩසටහන හරහා එම සංවිධානයේ දත්තවල ආරක්ෂාව වෙත එල්ල වන බව පැවසෙන අවදානම මේ සඳහා හේතුව වී තිබේ.



ඒ අනුව නේටෝ සංවිධානයේ සියලුම නිලධාරීන් වෙත පසුගිය සිකුරාදා දිනයේදී දැනුම් දීමක් සිදු කරමින් එම සංවිධානය මෙම තහනම පනවා තිබේ. කෙසේ වෙතත් මෙම තහනම පිළිබඳ නිවේදනය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කෙර් නැත. "නේටෝ සංවිධානය තුළ අවධානය යොමු කරන ප්‍රමුඛතාවක් වන්නේ සයිබර් ආරක්ෂාවයි. එම සංවිධානයේ නිල කටයුතු සදහා භාවිතා කරන කිසිදු උපාංගයක් තුළ ටික්ටොක් වැඩසටහන ඇතුළත් නොකළ යුතුයි. ඒ කියන්නේ නේටෝ සංවිධානය සතු කිසිදු උපාංගයකින් ටික්ටොක් වෙත පිවිසීම තහනම්.” නේටෝහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ.