හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සමඟි ජන බල වේගයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙසේ පැවසුවාය.
"රටේ තියෙන හොඳකමට සිංහල අවුරුද්ද සැමරුව නෙමෙයි. අපි හැකි අයුරින් අවුරුද්ද සමරනවා. ජනතාව කියනවනම් වෙනසක් වෙලා කියලා අපි කියනවා කිසිදු මේ රටේ වෙනසක් වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ ආවා කියල සිස්ටම් චේන්ජ් එකක් වෙලා නෑ. කිසිම වංචාවකට මේ වෙනකොට අත්අඩංගුවට අරන් නෑ. ලංකාවේ පොලීසිය අති දක්ශයි. ඒ වුණාට ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන හොරකම් මිනීමැරුම් අල්ලන්නෙ නෑ. ශාෆ්ටර් දිනේෂ්ගෙ මරණය අභිරහසක් තාම.
අරන්තලා භික්ෂු ඝාතනයේදී එල්ටීටී එකෙන් ගැහුවේ. දැන් වජිර අබේවර්ධන ඇවිල්ල කියනවා මීට ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඒවා සමහර විට හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කාදිනල් හිමි කිව්වා දේශපාලන බලයකට එන්න සමහරු මේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරා කියලා. එදා බලයට එන්න දඟලපු අයගේ කොන්ත්‍රාත් එකක් දෝ කියල අපිට හැඟී යනවා.
අරගලේ කාලේ හැංඟිලා හිටපු මැති ඇමතිගොල්ලො දැන් එළිය ඇවිල්ලා තියෙනවා. මේ හාල් කිලෝ 10 බෙදන්න ලැජ්ජ නැතිව පොහොට්ටුවෙ මන්ත්‍රීවරු. මේ අහිංසක මිනිස්සු හරහා නැවත තමන්ගේ බලය නැවත පවත්වගන්න. ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. මේ වගේ නිර්ලජ්ජිත කණ්ඩායම එක්කද ඔබතුමා මේ රට හදන්නේ. පරණ තිබ්බ රාජපක්ෂලගේ දේශපාලනය නැවත ගේන්න එපා මේවා ප්‍රතික්ෂේප කරනවා."
0 Comments