සුපුරුදු පරිිදි අවුරුදු නිවාඩුව සඳහා නුවරඑලියට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නුවර එළිය නගරයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව නිළධාරීන් දැනුවත් කළේය. ඔහු එහිදී මෙසේ කීවේය.
"නුවර එළිය දියුණු කරන්න ඕනේ යතාර්ථය දැනගෙන. විශේෂයෙන්ම මම නම් කියන්නේ මේ රටේ ආර්ථිකය ඉවරයි කියලා කියපු හුඟක් අය හිටියා. ඒත් අද IMF ගිවිසුම ආර්ථිකේ ගොඬගන්න පුළුවන් කියලා දැන් අදහස් තියෙනවා.
එකක් තියෙන්නෙ ආර්ථිකේ ස්ථාවර භාවය ඇති කරන්න අවුරුදු 4කින්. 20, 25 වෙනකොට ඒක අවසන් කරන්න පුළුවන්. ඒක මදිනේ. අපිට ආයේ ඉස්සරහට මුදල් හොයන්න තියෙනවා. එහෙනම් කොහොමද නුවර එළිය දිස්ත්‍රික්කයෙන් මේ මුදල් හොයන්නේ. අපි සංචාරකයෝ ගේන්න පුළුවන් විදියට මිනිස්සු ගෙන්නන්න පුළුවන් විදියට මේවා හදන්න ඕන. මෙතනට අප්‍රේල් මාසේ, අගෝස්තු මාසෙයි, දෙසැම්බර් මාසෙයි විශාල සංඛ්‍යාවක් මෙහාට එනවා.
අපි කොහොමත් අවුරුදු දෙක තුනකින් මධ්‍යම අධිවේගී මාර්ගය අවසන් වුනායින් පස්සේ එන සංඛ්‍යාව වැඩි වෙනවා. අනික මෙතන අපේ ක්‍රමය අළුතෙන් හිතන්න ඕන.
මං කියන්නෙ ඉස්සෙල්ලම මේ නගරේ හරියට සකස් කරමු. අර පරණ විදියටම හැමදාම ඒ කාණුවේ වැටිලා ඉන්න වැඩක් නෑ."
0 Comments