panadura-bisycal-incident

පානදුර  ප්‍රදේශයේ ඉරිදා (23) පැවති පාපැදි තරඟයක් අතරතුර යුද හමුදා පාපැදිකරුවෙකුට තල්ලු කර බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තවත් යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබළකු බව හිරණ පොලිසිය පවසයි.
තුවාල ලැබූ පාපැදිකරු එම යුද හමුදා කඳවුරේම කෝප්‍රල්වරයකු සහ පාපැදි කණ්ඩායමේ සාමාජිකයකු බවට හඳුනාගෙන ඇත.

අවසන් රේඛාවේ සිට මීටර් 100ක් පමණ දුරින් පැමිණි පාපැදිකරුවන් තිදෙනෙකු අතරින් යුද හමුදා සෙබළා තමාට ඉදිරියෙන් ගමන් කළ කෝප්‍රල්වරයා අත දිගු කර තල්ලු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පාපැදි තරගය නරඹමින් සිටි අසළ සිටි 07 හැවිරිදි දරුවෙකුගේ හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් කෝප්‍රල්වරයා ඇද වැටී ඇති අතර ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර තිබේ. තරගයේ ඉතිරි කොටස තුවාලලත් අයට අහිමි විය.
දරුවා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර කෝප්‍රල්වරයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.කුඩා දරුවා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සුසුම්නාවට  සිදුවූ තුවාල සහිතව පාපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. ඇද වැටුණ කෝප්‍රල්වරයා ද ඊට සුළු මොහොතකට පෙර සිය වැලමිටෙන් තමා ද තල්ලු කළ බවට සැකකාර සෙබළා ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය. යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.video මේ සමග පළවේ