රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරනු ලුබූ ගිවිසුමට අදාලුව මේ මස 26, 27සහ 28 යන තෙදින පැවැත්වෙන විවාදයට විපක්ෂය සහභාගී නොවන තත්වයක් උද්ගතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්වය උද්ගතවී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ සිංහල සහ දෙමළ භාෂාවල පරිවර්තන විපක්ෂය විසින් ඉල්ලා සිටීම නිසාය.
ගිවිසුමේ සිංහල පරිවර්තනය දෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විශේෂ ඉල්ලීමක් කර තිබේ. මේ අතර ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්ත පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබියදී බව විවාදය පැවැත්වූයේද එම ගිවිසුමේ ඉංග්‍රීසි පිටපත රජයේ ජ්‍යෙෂ්ඨ ප්රකාශකයෙන් කීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ ගිවිසුම ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්නේ අයි.එම්.එෆ්. විවාදයෙන් පැන යාමට බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විමසීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ අදාළ විවාදය පැවැත්වීම සඳහා සිංහල සහ දෙමළ පිටපත් අත්‍යවශ්‍ය වන අතර රජය එම පිටපත් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අංජුල මහික වීරරත්න
0 Comments