අලුත් අවුරුදු සමයේදී කජු සංස්ථාවේ කජු සඳහා විශාල ඉල්ලුමක් ඇති බැවින් ඇතැම් අවස්ථාවලදී ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කජු සංස්ථාව සඳහන් කරයි.

මේ දිනවලදී සංස්ථාවට අයත් වෙළෙඳසැල් වෙත දිනකට කජු මෙට්‍රික් ටොන් එකක පමණ ඉල්ලුමක් පවතින අතර, ප


ෞද්ගලික වෙළෙඳසැල් මගින් රුපියල් 4000 - 5000ත් අතර මිලකට අලෙවි කරනු ලබන කජු කිලෝග්‍රෑමයක් සංස්ථාව මගින් රුපියල් 3000 - 3500ත් අතර මිලකට අලෙවි කරනු ලබයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලදී කැබලි කැඩී ගිය කජු පියලි විවිධ ගම් වර්ග භාවිතා කර අලවා සම්පූර්ණ කජු ලෙස විකුණන බැවින් තමන් අලෙවි කරන්නේ ඉහළ ගුණාත්මක බවින් යුතු උසස් තත්ත්වයේ කජු බව සංස්ථාව සඳහන් කරයි.
(නිර්මාණි තිලකසිරි)