ඊයේ (12) අරලියගහ මන්දිරයේ දී ශ්රී ලංකා මැලේ සංගමයේ (SLMA) සභාපති රිස්වාන් බදූර්දීන් සහ ප්රධාන ලේකම් ඉක්රාම් කට්ටිලාන් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Slave Island ඉංග්රීසි බසින් කොම්පඤ්ඤ වීදිය ලෙස නැවත නම් කිරීම පිළිබඳව ශ්රී ලංකා මැලේ සංගමය (SLMA) අග්රාමාත්යවරයාට සිය කෘතඥතාව පළ කළේය. කොම්පඤ්ඤ වීදිය යන නම සිංහල සහ දෙමළ භාෂා වලින් භාවිත වී ඉංග්රීසි භාෂාවෙන් පමණක් Slave Island ලෙස හැඳින්වූ එය ඉංග්රීසි භාෂාවෙන්ද කොම්පඤ්ඤ වීදිය ලෙස වෙනස් කිරීමට අග්රාමාත්යවරයා ගත් පියවර අගය කළේය.
මෙහිදී මැලේ සංගමය විසින් සිදු කරනු ලබන සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව අග්රාමාත්යවරයාව දැනුවත් කළහ. 100 වැනි සංවත්සරය සමරන ශ්රී ලංකා මැලේ සංගමය වෙත අග්රාමාත්යවරයා සුබ පැතුම් එක් කළේය.
0 Comments