prasanna-speaks

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති ජන හමුවකට එක්වී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.

"අපි පාරක් පාරක් ගානේ ඇවිදලා තමයි මේ පක්ෂේ හැදුවේ. මේ පක්ෂේ දිය කරන්න කාටවත් බැහැ. ගමේ ජනතාවගේ යටිතල පහසුකම් හදන්න වැඩපිළිවෙල ආරම්භ කරපු නායකයෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා වෙනුවෙන් කඩේ යන්න බැරි කමක් නෑ අපිට. පොහොට්ටුවට ඡන්දෙ දීලා කොහොමද මහින්දව අගමැති කරන්නෙ කියලා ඇහුවා. දෙකක් ඇරෙන්න සියළුම පළාත් පාලන ආයතන එදා පොහොට්ටුව ජයග්‍රහණය කලා.



ගම්වල මිනිස්සුන්ගෙන් ගිහින් ඇහුවම හැම දෙනාම කිව්වෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයව පත් කරන්න කියලා. පෞද්ගලිකව මගෙන් කවුරු හරි ඇහුවනම් කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයව ගන්න ඕන කියලා. සංවිධාන ශක්තියක් තියෙනවා පක්ෂයේ නිර්මාතෘ එතුමා. ගෝඨාභය මහත්තයා කියනවා මට දිත්ව පුරවැසිභාවය අහෝසි කරගන්න බෑ. මට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මට විරුද්ධව චෝදනාවක් තියෙනවා.

සමහර දේශපාලන න්‍යාය පත්‍රවලට ක්‍රියාත්මක වුනු නිලධාරීන් කඩාකප්පල් කරා මේකේ රට ඇරියොත් රට විනාශ වෙනවයි කියලා. එහෙම තමයි මේ රටේ ආර්ථිකය කඩන් වැටුනේ.

මිනිස්සු අරගලය ආරම්භ කලේ ඇති වෙච්ච පීඩනෙන් ගොඩ එන්න මිසක් ආණ්ඩු පෙරලන්න නෙමෙයි. රාජ්‍ය බිඳ දමන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ. ගෝඨාභය මහත්තයා හරි තීන්දු ගත්තෙ නැහැ. අරගලය අන්තිමට කුඩුකාරයෝ හයියක් කරා ගණිකාවෝ හයියක් කරා. දරුවොන්ව කෝච්චිවල දාලා යනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ මනුස්සයට මං තරම් බැනපු මනුස්සයෙක් නෑ තව. අපේම පක්ෂේ සමහරු සජබෙත් එක්ක ඩීල් දාලා, ඒ වෙලාවෙදි තමයි අපි තීන්දු කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තනියම ඇවිල්ලා කිව්වා මං මේ අභියෝගය භාරගන්නම් කියලා. අවුරුද්දක් ඇතුලත තිබිච්ච අභියෝග ජයග්‍රහණය කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා."