president-parliament

පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද(26) දින පාර්ලිමේන්තුවේ දී IMF ගිවිසුම පිලිබඳ පාර්ලිමේන්තුවේ ඇති විවාදයට සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.


 ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යලි බිහිවෙමින් සිටින බවත් එය ඉදිරියට ගෙන යාමට මුලු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ඔහු එහි දී ප්‍රකාශ කළේය.
ජනපතිවරයා එහි දී සඳහන් කරන්නේ ඉතා තරගකාරී සමාජ සාධාරණ වෙළඳ ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට තමන් ක්‍රියා කරමින් සිටින බවයි.2019 වර්ෂයේ දී බදු කපා හැරීම තුලින් දළ දේශීය නිශ්පාදනයෙන් 4%ක් අහිමි වූ බව පවසන ජනපතිවරයා කොඩිඩ් වසංගතය ආදී වූ ගැටලු තුලින් රුපියල පසුගිය වසරේ මාස තුනක් ඇතුලට 40%කින් පිරිහී ගිය බවයි.
මෙම පසුබිම තුල තමන් ජනාධිපතිකම බාරගත් බවත්, නොඑසේනම් මේ රට විනාශයට පත් වන බව ඔහු පැවසීය.



මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේ කීය,

”විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 වෙනි අවස්ථාවේ දී ස්ථාවර විසඳුමක් එද්දි අපේ දීර්ඝ කාලීන දුර්වලකම් නැති කරලා අලුත් වැඩසටහනකට යන්න තියෙනවා.

මේකට කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමා ණය පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපිට තියෙන සාකච්ඡා. ඒක අපේ ද්විපාර්ශවික රටවල් එක්කත් ඒ වගේම පුද්ගලික ණයකරුවන් සමග සාකච්ඡා කරනවා. අපිට උවමනයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. රජයට අවශ්‍ය සේවයන් සඳහා මුදල් ලබාගන්න. ඒ නිසා පළමුවෙන්ම අපිට තියෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැනත් සාකච්ඡා කරන්න කියලා. දැනට අන්තිම තීරණය අරගෙන නෑ.



 ඒකයි රාජ්‍ය ඇමතිතුමත් මහ බැංකු අධිපතිතුමත් කිව්වේ. නමුත් මේ ගැන සාකච්ඡා කරද්දි අපි තීරණ ගන්න ඕනේ. අපිට කොන්දේසි දාලා සාකච්ඡා කරන්න බෑ. ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එනවා. ඊට වඩා අපිට වාසියි කොන්දේසි නැතිව සාකච්ඡාවලට යන එක. කාටවත් හානියක් වෙන්නේ නෑ. සමහර බැංකු කියනවා මේකට මුහුණදෙන්න බෑ කියලා. මම කියන්නේ එහෙම නම් තමන් භාරගෙන මේ ආර්ථිකය ගෙනියන්න. එක එක අයට තුවක්කුවක් ඔළුවට තියලා කියන්න බෑ මේක කරොත් මේක කඩා වැටෙනවා කියලා. විශේෂයෙන්ම කොටස් වෙළෙදෙපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නම්. එච්චරයි තියෙන්නේ.

මේක හදලා එද්දි කියන්න බෑ මේ කොන්දේසි ගැන. අපි පාර්ලිමේන්තුවේ තීරණය කරලා කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ සාමාජිකයින්ට අපි හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපි නේ ආරම්භ කළේ. දරිද්‍රතාවයෙන් පෙළෙන අයට අපි වැඩ කරනවා. ලෝක බැංකුව කියනවා මේ අය ගැන බලන්න කියලා. දිය යුත්තන්ට දෙන්න. සුදුසුකම් නැති අය ඉවත් කරන්න. අපි අලුත් ආරක්ෂක ඡාලාවක් ඇති කරන්න ඕනේ. විශේෂයෙන් අපිට මුල්‍ය ස්ථාවරභාවයක් ඇති කරන්න ඒ වගේම අඩු ආදායම්ලාභීන්ව ආරක්ෂා කරන්න ඕනේ.“