pubudu-jagoda-speaks

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"ස්ථිරවම ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්වෙන නිසා තමයි බැංකු පද්ධතිය දැනුම් දීමක් කරලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහට මේක කරොත් ලොකු විනාශයක් වෙයි කියලා. ඔහුගේ ඊයේ පර්ලිමේන්තුවෙදී ප්‍රතිචාරය තිබුනේ මගේ ඔළුවට පිස්තෝලේ තියලා බැංකු වැටෙනවා කියලා තර්ජනය කරලා, මං කරන ඒවා නවත්තන්න බෑ මං මේක කරනවා, හරි එහෙනම් බැංකුව ඇවිල්ලා ආර්ථිකේ භාර ගන්න. ඔය ස්වරයම තමයි ජනතාවගේ ප්‍රජාත්‍රාන්තික අයිතීන් ගැන තියෙන්නේ. මේකේ විනාශය ගැන රනිල් තමයි හොඳටම දන්නේ. ඔහුට ජනතාව ඉදිරිපිට වන්දි ගෙවන්න සිද්ධ වේවි.



පක්ෂ නායකයෝ ඔක්කොටම වඩා අවංකයි ජොන්ස්ටන් ප්‍රනාන්දු. එක වතාවක් කිව්වා මේ අණ පනත් කියලා තඩි පොත් දෙනවා පාර්ලිමේන්තුවට ඕවා කියව කියව ඉන්න අපිට වෙලාවක් නෑ. අපි පක්ෂෙන් අහලා අත උත්සන්න ඕනෙද එපා නැද්ද කියලා කියන විදියට කියනවා.

අඩුම ගානේ මේකේ තියන දේවල් ඒ ගොල්ලන්ට තේරෙනවද? නම් දාලා තියෙනවා, පනත මොකක්ද කියලා දන්නෑ. හර්ෂද සිල්වා හරි කවුරු හරි ඒකට අත උස්සන්නේ කොහොමද? ඉතාම වගකීම් විරහිත හැසීරීමක් මේක. ස්ථිර වශයෙන්ම මේක සිංහල භාෂාවෙන් ලබාදිය යුතුයි. අබ කන මිනිහගේ මොළේ දනවා වගේ මේවා පර්වර්තනය කරන්න අපහසු නෑනේ. පරිවර්තනය නොකරන්නේ පොදු ජනතාව මේක කියවයි කියලා.

IMF ගිවිසුම අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේතුවට සහ රටට ඉදිරිපත් කරන්න කියලා දිගින් දිගටම අපි කිව්වා. ගිවිසුම අත්සන් කරලා ඊට පස්සේ තමයි ඒක පාර්ලිමේන්තුවට දාන්නේ. මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ රනිල් වික්‍රමසිංහ නිශ්චිතව කිව්වා මේක පාර්ලිමේන්තුවේ සම්මත වුනොත් මෙහි ඇති සියලු කරුණු පනත් විදියට සම්මත කරලා ඒක ලංකාවේ නීතිය බවට පත් කරනවා කියලා."