කිව්.ආර්. කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ පිරවුම්හල් 40 ක ඉන්ධන අළෙවිය තහනම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (6) පැවසීය. සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ගබඩා ටැංකිවල එහි ධාරිතාවෙන් අවම වශයෙන් සියයට 50ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවද ඔහු කීවේය.



ඛනිජ තෙල් සංස්ථාව සතු සියලුම ටැංකි රථවල ජී.පී.එස්. උපාංගය මේ මස 15 වැනිදා වන විට සවිකර අවසන් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ඊයේ (6) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණවලට එළැඹි බව ඇමැතිවරයා කීවේය.
 යොහාන් භාසුර