ranjith-siyambalapitiya-accident

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය පවසයි.



අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ද තුවාල ලැබූවන් අතර වන බව පොලිසිය සඳහන් කළේය.

අමාත්‍යවරයා ගමන්ගත් කැබ් රථය රුවන්වැල්ල සිට කරවනැල්ල දෙසට ධාවනය වෙමින් දී මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙයි. අනතුරින් කැබ් රථය ඉදිරිපස බරපතළ ලෙස අලාභ සිදු වී ඇතැයි වාර්තා වෙයි.