පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය මාධ්‍ය වෙත මෙසේ පැවසුවාය.
"මං මේ විදියට කතා කරන්නෙ දරුවෝ මුහුණ දීලා ඉන්න ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඇමතිතුමා ප්රශ්නය ආපහු මිනිස්සුන්ට කියනවා. වෙන්න ඕනෙ ඒක නෙමෙයි. ඇමතිතුමාට ඒකට උත්තර තියෙන්න ඕන. පළවෙනි ප්‍රශ්නෙ තමයි මහාචාර්යයවරුන්ගේ ප්‍රශ්නේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නේ. මහාචාර්යයවරුන්ගේ වැටුපට ඇවිල්ලා තියෙන බද්ද සම්බන්ධ ගැටළුව. ඒක විසඳගන්න ඕන මුදල් අමාත්‍යංශයත් එක්ක. ලොකේ කොහෙවත් නැහැ එක එක වෘත්තියට බදු ප්‍රතිපත්ති සකස් කෙරෙන තැනක්. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ වැටුප් ලබන අය උඩින් මේ බදු ගහලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හදනවනම් ඒක වැරදියි.
අපේ රටේ ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධව විශ්වාසයක් නැහැ,. 19000ක් පේපර් මාකින් වලට ඇප්ලිකේශන් දාන්න ඕන එකේ මේ වෙනකොට අමාත්‍යංශය කියන්නෙ 12000යි ඇවිල්ල තියෙන්නෙ කියලා. මෙතෙක් කාලයක් ඒ ගොල්ලො කරපු සේවයට ගෙවීම් කරලා නැහැ.
ඒ වගේම මේ 97.2 චක්‍රලේකය නිසා අසාධාරණේ විඳගෙන විශ්‍රාම ගිහිල්ලා මිය ගියපු පිරිසකුත් ඉන්නවා. සොච්චම් වැටුපක් අරගෙන තාම මේ 97.2 චක්‍රලේකය නිසා ආසාධාරණයට ලක් වෙච්ච ගුරුවරු ටිකක් විශ්‍රාම අරගෙනත් තියෙනවා.ආධ්‍යාපන අංශය වහාම මැදිහත් වෙලා ඒ අයගේ ගෙවීම් කටයුතු කරලා දෙන්න ඕන.
මේ දරුවෝ මොන වරදක් කරාට මේ දඬුවම් විදින්නේ? සාමාන්‍ය පෙල විභාගය මොකක් හින්දද කල් ගියේ? ඇත්ත හේතුව තමයි උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගබඩා කරලා තියෙන නිසා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ආවොත් ඒවා ගබඩා කරන්න පහසුකමක් විභාග දෙපාර්තුමේන්තුවෙ නෑ.
පෞද්ගලික විශ්ව විද්‍යාලවල අපි දන්නවා අවුරුදු 21 වෙනකොට උපාධියක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අපේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල තත්වේ මොකක්ද? අවුරුදු 27ක් වෙනකම් කැම්පස් එකෙන් එළියට එන්න විදියක් නැහැ."
0 Comments