samurdi-bank

සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් ලබන 15වනදා



සියලුම සමෘද්ධි බැංකු වසා දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට කටයුතු කරන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ පවසයි.

දැඩි ආර්ථික අපහසුතාවලට ජනතාව මුහුණදී සිටින මෙවන් අවස්ථාවක මෙලෙස අවුරුද්ද සැමරීමට තමන් දැඩිව විරෝධය පල කරන බවද ඔහු අවධාරණය ක⁣රයි.