sanath-nishantha-speaks

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

"ආනමඩුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිතුමා පොලිස් දෙපාර්තුමේන්තුවේ අවශ්‍යතාවයක් මත වෙනත් තැනක ස්ථාන මාරුවක් වුනා. එතන පුරප්පාඩුවක් ඇති වුනා. ඒ සඳහා අලුත් නිලධාරියෙක් පත් කරලා, ඒ නිලධාරියා මාදම්පෙ පොලිසියේ පොලිස්පතිවරයා හැටියට කටයුතු කරමින් සිටියදී ඔහුට විරුද්ධව විවිධ අක්‍රමිකතා, දූෂණ චෝදනා ලැබිලා තිබුනා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඔහුට පොලිස්පතිතුමාගෙ කරපු පරීක්ෂණයකින් වැරදිකාරයා කරලා තමයි ඔහුව පිටත් කලේ.



ඒ පෙත්සම ගත්තහම, එතුමගෙ කාමරය ඒසී කරලා තිබුනේ ඒ පැත්තෙ අරක්කුකාරයෙක්. ඇඳ දීලා තිබුනෙ හොර දැව ජාවාරම්කරුවෙක්. අනිත් එව්වට ඔහු වරින් වර මුදල් ලබා ගත්තා, අරක්කු පෙරන ඒව්වා, හෙරොයින් ජාවාරම්. ඉතින් මාදම්පෙට හොද නැහැයි කියන ස්ථානාධිපතිවරයා මගේ ආසනයට එවන එක තමයි මම විරුද්ධ වුනේ. ඒ සඳහා මම ලිඛිතව දැනුම් දුන්නා. දූෂිත නිලධාරීන් මගේ ආසනෙට මම ගේන්න දෙන්නේ නැහැ. මම ප්‍රතිපත්තියක් හැටියට අරක්කුවලට ගංජා වලට කුඩුවලට කතා කරන්නෙ නෑ. කවුද එන නිලධාරියා කියල හොයලා බලන එක අපේ යුතුකමක් වගකීමක්."