sanath-roshan

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගියදා (11) තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබීය. ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමඟ කියවිය යුතු 41 නි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කරන ලදී.
ඒ අනුව කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.
එම කමිටුව වන්නේ,
01. සනත් ජයසූරිය මහතා(කමිටු සභාපති)
02. ෆර්විස් මහරුෆ් මහතා(කමිටු සාමාජික)
03. කපිල විජේගුණවර්ධන මහතා (කමිටු සාමාජික)
04. චරිත් සේනානායක මහතා(කමිටු සාමාජික)
05. අසංත ද මැල් මහතා(කමිටු සාමාජික)