රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය පසුගියදා තීරණය කළ අතර විස්තරයේදී කියැවුනේ චීනයේ සත්වෝද්‍යාන සඳහා මේ සතුන් ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකාවට ආවේණික toque monkeys මෙතරම් ප්‍රමාණයක් චීනය ඉල්ලා තිබීම හා ඒ පසුපස සැඟවුණකතා කිහිපයක් ගැන මේ වනවිට වාර්තා පළවේ.
පරිසරවේදී නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන කියා සිටියේ දැනට පවතින නීති ප්‍රතිපාදන අනුව මේ ආකාරයට සතුන් අපනයනය කිරීමට අවසර නොමැති බවයි.
ශ්‍රී ලංකා රිළවුන් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ හඳුනාගෙන ඇති උප විශේෂ දෙකක් සහිත ශ්‍රී ලංකාවට ආවේණිකවූ විශේෂයක් බවට පැහැදිලි කරන ඔහු ලංකාවේ අයට වාසියක් අත්වන බවත් වගා හානි වැළැක්වීම සිදුවිය හැකි බවත් නොපැහැදිලි කරුණු දැක්වීමක් හෝ කරුනුසැඟවීමක් බව පේනවා දෙයි.
එවැනි හේතු සඳහා පමණක් සතුන් අපනයනය කිරීමට ගත් තීරණය සුළුවෙන් තැකිය නොහැකි බවත් මෙම තීරණ විද්‍යාත්මක අධ්‍යයනයන් සහ කරුණු මත පදනම් විය යුතු බවත් ඔහු පවසයි.
අපනයනය කිරීමට නියමිත රිලවුන් සංඛ්‍යාව සොයා බලන්නේ කුමන පදනමකින්ද, චීනයේ වඳුරන්ට සුදුසු තත්වයන් තිබේද යන්න වැනි ප්‍රශ්න ද එවැනි තීරණ ගැනීමට පෙර සලකා බැලිය යුතු බව ගුණවර්ධන මහතා පැවසීය.
“චීනයේ සත්වෝද්‍යාන සඳහා පවා මෙතරම් වඳුරන් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිළිබඳව ප්‍රශ්න මතුව තිබෙනවා. වත්මන් නීතිමය විධිවිධානවලට අනුව, සතුන් අපනයනය කළ හැක්කේ සංරක්ෂණ අරමුණු සඳහා හෝ හුවමාරු වැඩසටහනක් ලෙස පමණි.“ ඔහු පැහැදිලි කලේය.
මේ අතර ඇතැමුන් මේ ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රිළවුන් ලක්ෂ ගණන් ගෙන ගොස් චීන සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම රැවටිලි සහගත ප්‍රචාරණයක් බවත් බොහෝ විට මෙම සතුන් ගෙන යන්නේ චීනයේ විද්‍යාගාර පර්යේෂණ වලට විය හැකි බවත්ය.
කොරෝනා සමයේ නවතාදැමුණ චීනයේ සතුන් ආශ්‍රීත පර්යේෂණ නැවත අරඹා ඇති බවත් ඉදිරියේදී වඳුරන් අභ්‍යාවකාශගත කිරීම ඇතුළු විවිධ පර්යේෂණ රාශියක් සඳහා චීන විද්‍යාඥයින් සැලසුම් සකස් කර ඇති බවත් පැවසෙන අතර ශ්‍රී ලංකාව වැනි රටකින් පහසුවෙන් සතුන් ගෙන්වාගෙන මේ කටයුතු කරන්නට සූදානමක් ඇති බවත්ය.
0 Comments