sri-lankan-epf-waste

සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී. එෆ්.) ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කළ රුපියල් කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැයි ආර්ථික  අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. සේවක අර්ථසාධක අරමුදල මුදල් ආයෝජන කිරීමේ  දී සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි වන පරිදි ප්‍රශස්ත ආකාරයට එය කළ යුතු වුවද එවැනි තත්වයක් පසුගිය කාලයේ දී දක්නට නොලැබුණු බව කී වලේ ල්බොඩ මහතා අත්තනෝමතිකව  සහ අවිචාරවත්ව කර ඇති මෙම  ආයෝජන හේතුවෙන් එම  අරමුදලට ද කිසිදු වාසියක්  අත්වී නැති බව සඳහන්  කළේය.



මුදල් ආයෝජනය කළ ඇතැම් සමාගම් වලින් අර්ථසාධක අරමුදලට සත පහක් හෝ ලැබී නැතැයි ද  හෙතෙම පෙන්වා දුන්නේය. අරමුදල  ලැයිස්තුගත සමාගම් 11ක ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 738 ක් බවත් මෙම කොටස් ආයෝජනයන් සඳහා 2019, 2020 හා 2021 යන වර්ෂවල කිසිදු  ලාභාංශයක් ලැබී නැතැයි කෝපා කමිටු වාර්තාවල පැහැදිලිව සඳහන් වන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය. මින් සමාගම් හයක් සංචාරක ව්‍යාපාරය හා බැඳුණු ඒවා බව පැවසූ ගාමිණී。වලේබොඩ මහතා ලැයිස්තුගත සමාගම් අටක කර තිබූ රුපියල් කෝටි 948 ක සාමාන්‍ය කොටස් සහ ආයෝජනයන් සඳහා 2021 වර්ෂයේ දී ලාභාංශ ආදායම පවා ලැබී නොතිබූ බව ද ප්‍රකාශ කළේය.



ජනතාවගේ මුදල් ඵලදායී  නොවන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම  වැළැක්වීමට රජය වහාම  වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සියලුම ආයතනවලට විද්‍යාත්මක ආකාරයේ මාර්ගෝපදේශ හඳුන්වාදීම ද වැදගත් බව පෙන්වා දුන්නේය.  සුවිශේෂ මාර්ගෝපදේශ හඳුන්වාදීම ද වැදගත් බව පෙන්වා දුන්නේය. පටු වාසි  වෙනුවෙන් ජනතාවගේ මුදල් මෙලෙස වැරැදි ආකාරයට ආයෝජනය කිරීමට ඉඩ දී බලා සිටීම රජයක වගකීම නොවන බව ඔහු පැවසීය.


 සුජිත් හේවාජුලිගේ