
පූගොඩ කනම්පැල්ල ප්‍රදේශයේ නිවසක විදුලි බිල නොගෙවීම නිසා විසන්ධි කර තිබූ විදුලිය බලය නැවත ලබා දීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයකුට කඩුවකින් කෙටීමට උත්සාහ කළේ යැයි කියන පියෙක් හා පුතෙක් පූගොඩ පොලිසිය විසින් ඊයේ 3 අත්අඩංගුවට ගනු ලැබූහ. විදුලි සේවකයා කළ පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා පොලිසියට පැමිණ භාර වීමෙන් පසු ප්‍රකාශයක් ගැනීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ද පොලිසිය සඳහන් කරයි. රජයේ සේවකයකුට සාපරාධී බලහත්කාරය පෑම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ඔවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පූගොඩ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval