tution-sir-died-panadura

සිංහල අවුරුද්දට  පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක
නිළධාරීන් විසින් බේරාගෙන  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උපකාරක පංති ගුරුවරයෙකු
පසුගියදා  (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .



මෙසේ මියගොස් ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි ආනන්ද ප්‍රනාන්දු නමැති පෞද්ගලික
උපකාරක පංති ගුරුවරයෙක්  බව පොලිසිය පවසයි .



පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිටදී 13 දා පුද්ගලයකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටින බවට
ලද තොරතුරක් මත  ජීවිත ආරක්ෂක ඒකක භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ
ක්ෂණික උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එම් නිමල්සිරි ඇතුළු නිළධාරීන් විසින් බේරාගෙන ඇති අතර , දැඩි
ලෙස වතුර පෙවී සිටී බැවින්   මූලික  ප්‍රථමාධාර ලබාදීමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික
රෝහලට යොමුකර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයට යොමුකර සිටී බවත් අසාධ්‍ය තත්වයේ පසුවූ ඔහු
අප්‍රේල් 14 දා රාත්‍රි මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්