එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.
"ජාතික උත්සව සියල්ල මින් ඉදිරියට සමරන්න පුළුවන් තත්වයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇති කරගෙන යනවා. ආර්ථික වෙනස එතුමා කෙටි කාලෙකින් ලබා දීලා තිබුණා. මේ රට එතුමා තව අවුරුදු 10ක් , 12ක් පාලනය කලොත් මේ රට ලෝකයේ ඉහළටම ඔසවලා තබයි.
අපි ජාතියක් හැටියට වැනසිච්ච අවස්ථාවක, බංකොළොත් වෙච්ච අවස්ථාවක එයින් ගොඩගන්න ජාතික නායකයෙක් හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ලොකේ බංකොළොත් වුනු රටවල් සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා ගොඩගන්න. නමුත් වාසනාවකට ජාත්‍යන්තරයත් ශ්‍රී ලංකාවත් පාලනය කල හැකි එතුමා විධායක ජනාධිපතිවරයා හැටියට අස්වද්දන්න නොහැකි කුඹුරු අස්වද්දලා අස්වැන්න ලබා ගෙන ඒවා අහිංසක ජනතාවට ලබා දෙමින් කිරිබත් කන්න අවස්ථාව සලසමින් රට ඉදිරියට ගෙනයනවා. ශ්‍රී ලංකාව ණය දෙන රටක් බවට පරිවර්ථනය කර ගන්න පුළුවන් වෙන තැනට එතුමා ක්‍රියාකරයි."
0 Comments