wajira-abeywardane-speaks

එක්සත් ජාතික පක්ෂයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

"ගෝල්ෆේස් පිටිය වරක් අපේ රජයක් පෙරලා දැම්මේ 1994. පත්තරේ ප්‍රධාන සිරස්තලයක තිබුණේ එක්සත් ජාතික පක්ෂය ගෝල්ෆේස් පිටිය විකුණයි. දැන් එතන පරිසරයට ගැළපෙන ක්‍රියාවලියන් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. මෙතන ආගමික කටයුතුවලට සීමා වෙලා තියෙන්නෙ පැය කීපයකට සීමා වෙන ක්‍රියාවලියක් නිසා ආගමික කටයුතු.



අරගලේ කාලේ විශාල පැමිණිලි ගණනාවක් ලැබිලා තිබුනා ඒ අවට සිදුවන ශබ්ද දූෂණය සහ කරදරය පිළිබඳ පැමිණිලි දිගින් දිගටම ලැබෙමින් තිබුණා. පිට්ටනි ලංකාවේ ඕන තරම් තියෙනවනේ. ඒ පිට්ටනියක සංදර්ශන පවත්වන්න පුළුවන්. රටේ ජනතාව සුරක්ෂිතයි. රටේ ආර්ථිකය ශක්තිමත්. රටේ ඩොලරය ශක්තිමත් වෙනවා. රුපියල ශක්තිමත් වෙනවා. ත්‍රස්තවාදය පරාජය වෙනවා. එයයි විය යුත්තේ.

වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වය සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. රජයේ ප්‍රතිපත්තිය කියලා සඳහන් වෙන්නෙ ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයත් මුසු කොට රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරනු ලබන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෑ වෘත්තීය සමිති රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරනවා කියලා. සීමාව ඉක්මවා ගිය සියළු ක්‍රියාකාරීත්වයන් පාලනය කළ යුතුව තිබෙනවා."