wasantha-mudalige-speaks

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදළිගේ ඊයේ කොළඹ ශාලාවක පැවැත්වූ දේශපාලන රැස්වීමකට බාධා එල්ල කරමින් කොළඹ 7 ප්‍රදේශයට විදුලිය කප්පාදුවක් සිදු වූ අතර ඒ ගැන තම අදහස් දැක්වීය.

"ඕපපාතික හේතුවකට විදුලිය කපලද? නෑ මේ ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කරන එක නතර කරන්න. කරපු දෙයක්.
කොළඹ 7 ට මේ විදියට විදුලිය කපල තියවනව ඇහුවමයි. මෙතැන තියන ජෙනියත් වරින් වර බාධා ඇති කරවන දෝෂ සහිත විදිහට තමයි පේන්නෙ. මේ අපේ වැඩේ අවුල් කරන්න දරන උපායක්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනල්ල උතුර නැගෙනහිර ප්‍රදේශවල දැවැන්ත මර්දනයක් මුදා හැරියා.

අදටත් පිරිසක් ඉන්නවා කිසිදු හේතුවක් නැතිව සිරගත කරලා.

අර්බුද වලට උත්තර ගන්න අරගෙන ගිය අරගලයේදී අන්තරයේ කැඳවුම්කරු, ඒ වගේම හර්ෂණ සහෝදරවරු සිරගත කරලා දැවැන්ත මර්ධනයක් කලා. රටේ ජනතාව කිව්වේ ත්‍රස්තවාදි පනත අහෝසි කල යුතුයි කියලා. හැබැයි ආණ්ඩුව මේ පනත කියන යක්ෂයාගේ දත් ටික තව උල් කරලා විස කේක් ගෙඩියට අයිසින් දාලා නම වෙනස් කරලා නැවත ගෙනල්ලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත. පීටීඒ කියන එකේ පී එක අයින් කරලා ඒ එක දාලා. සමාජ ක්‍රියාකාරකම් කිරීමම ත්‍රස්තවාදය කියලා නිර්වචනය කරලා තියෙනවා.

මේක බරපතල තත්වයක්. අපි විශ්වාස කරන්නේ මේ පනත පාර්ලිමේන්තුවට එන්නත් කලින්ම පරාජය කරන්න ඕන. හංදියක් හංදියක් ගානෙ පුච්චලා විනාශ කරන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුලේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඕන ඕන සෙල්ලම් කරගෙන යන්න අදාල පසුබිම නිර්මාණය කර ගත්තා. ඔය පාර්ලිමේන්තුව කියන ගව ගාල ඇතුළේ දැනුත් කරන්න යන්නෙ මේ පනත ගෙනල්ල සම්මත කර ගන්න.
බොරු විසදුම් වලට රැවටෙන්නේ නැතුව මහ පාරේ අරගලය ශක්තිමත් කරලා මැදිහත් වීම කරන එක."