wimal-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඔහු නිකුත් කළ ග්‍රන්ථයක් දොරටවැඩීමේ උත්සවය අමතා මෙසේ අදහස් දැක්වීය.

"ටොප් සීක්‍රට් මිෂන් එක කියලා මොකක්ද වුණේ? ඇමරිකානු ගුවන් හමුදාවට අයිති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාත්‍රා 2ක්. 20 දෙනෙකුගේ කණ්ඩායමක් ආවා. මේ කණ්ඩායමේ හිටියා සී අයි ඒ ප්‍රධානියා. රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියෙක් හිටියා. මේ අය කාවවත් පරීක්ෂා කරල බැලුවේ නෑ. පාස්පෝට් බැලුවේ නෑ. VVIP පර්‍යන්තයෙන් ගෙනාවා. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වැහුවා. ඇවිල්ලා රටේ ජනාධිපතිව, ආරක්ෂක ලේකම්ව, ජාතික බුද්ධි අංශ ප්‍රධානියව හම්බවුණා.

සාකච්ඡාවේ ප්‍රධාන කාරණා 4ක් මේ ගොල්ලෝ ඉල්ලීම් කලා. අපේ රටේ දුරකථන ඇමතුම් එන කේබලයක් එනවා ඒ කේබලය ටැප් කරන්න ඉඩ දෙන්න.

දෙක ගුවන් තොටුපලේ මෘදුකාංගයක් හයිකරනවා ඒ මෘදුකාංගය හරහා ගුවන් තොටුපොළේ යන එන සියළු දෙනාගෙම ජීව දත්ත ඒ ගොල්ලන්ට ලබා ගන්න ඕන. තුන ජාතික බුද්ධි අංශ ප්‍රධානියට උඩින් ඒ ගොල්ලන්ගෙ එක්කෙනෙක් තියන්න. හතර ඒ ගොල්ලන්ගෙ ආරක්ෂක හමුදා සාමාජිකයන් ලංකාවට එනකොට පරීක්ෂා කර බැලීමකින් තොරව අවි ආයුධ සහිතව නිදහසේ රට තුළ සැරිසරන්න ඉඩ දෙන්න. ඒක විතරක් වික්‍රමසිංහ මහත්තයා කිව්වා අපිට තව පොඩ්ඩක් සාකච්ඡා කරන්න දෙන්න කියලා. ජාතික බුද්ධි අංශ කාර්‍යාලයට ගියා සියලුම නිලධාරීන්ගෙ අවි අයින් කලා.

මේ යෝජනා 4න් 3කට එකඟ වීම තමයි IMF තුට්ටු දෙක හම්බවෙන්න බලපෑවේ. මේ සමාජ සංස්කෘතික දේශපාලනික ආර්ථික හැම අතින්ම වට්ටනවා. සංඝ සමාජය තුළට අළුත් භික්ෂූණ් වහන්සේලා සංගීත සංදර්ශන වල නටනවා. ඇයි එල්ටීටී මැරිච්ච අයව සැමරුවේ.

ගෝඨාභය රාජපක්ෂට මානසික බැරියර් දැම්මා තානාපති ඇමරිකාවේ. ඉන්දියාවෙන් ගුවන් යානාවක් එවන්න පොරොන්දු වුනා එව්වේ නෑ. ඇයි ඒ දෙවෙනි ඉල්ලීම ඉටුනොකරපු එකට. රනිල්වත් අයින් කරලා ඔයත් අයින් වෙන්න.“