14-boy-robbery

මඩකලපුව කොකුවිල් කොට්ඨාස මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අගුළු දමා ඇති නිවාස 6ක් බිඳ මුදල්, රන් භාණ්ඩ, ස්වර්ණාභරණ, ලැප්ටොප් පර්ගණක සහ විදුලි උපකරණ සොරා ගත් පුද්ගලයන් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොකුවිල් පොලිසිය පවසයි.
කොකුවිල් පනිච්චායඩි ප්‍රදේශයේ 01 සිට 4 දක්වා ප්‍රදේශයේ අඛණ්ඩව අගුළු දමා තිබූ නිවාස 4ක වහල සහ ජනෙල් දොරවල් කඩා ජංගම දුරකතන 4ක්, රන් ආභරණ සහ වටිනා විදුලි උපකරණ සොරකම් කර තිබේ.
මේ සමීබන්ධයෙන් කොකුවිල් පොලිස් ස්ථානයේ විමර්ශන නිලධාරි, පොලිස් පරීක්ෂක ටී. සයිනේද්‍ර, දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත ලද තොරතුරක් මත පොලිස් ස්ථානාධිපති ඒ.කේ. යූ.පී. විමලරත්න මහතාගේ උපදෙස් මත සිද්ධිය වූ දින මහා පරිමාණ අපරාධ විමර්ශන නිලධාරියා ප්‍රමුඛ පොලිසිය කොකුවිල් පොලිසිය අසල ප්‍රදේශයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පසුව කළ විමර්ශනයේදී පසුගිය 05 වැනිදා මඩකලපුව කන්නකයියම්මන් 7 හරස් පාරේ අගුළු දමා තිබූ නිවසක් බිඳ රන් පවුමක්, මුදු 3ක්, ජංගම දුරතනයක් ද බාර් පාරේ නිවසකින් දුරකතන සහ ලී කපන උපකරණ සහ ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ සොරාගෙන ගොස් ඇති බවත් පොලිසියේ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සොරාගත් භාණ්ඩ සොයා ගැනීමෙන් අනතුරුව සොරාගත් ජල මෝටරය සහ රන් ආභරණ මිල දී ගත් කාත්තන්කුඩි, සතුරුකොන්ඩාන්, කොකුවිල් ප්‍රදේශවල ජංගම දුරකතන අලෙවි සැල, පැරණි තොග වෙළෙඳ සැල, ස්වර්ණාභරණ අලෙවි සැල වැනි වෙළෙඳ සැල් හිමියන් සොරාගත් භාණ්ඩ මිල දී ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් එම සොරකමට සම්බන්ධ දෙදෙනා ඇප මත මුදා හරින ලදි.