මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීම ඉතාමත් අඩු බවත් සමහර පිරිස් පිළිනොගත් ක්‍රම මගින් ප්‍රතිකාර ලබා ගන්නා බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා මෙවැනි ගැටලුවක් ඇතිවූ විට පිළිගත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතු බවත්, 1926 දුරකථන අංකය මගින් නොමිලේ උපදෙස් හා ප්‍රතිකාර සඳහා යොමු වීමට අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවත් එම සංගමයේ සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා සඳහන් කළේය.
ගෙවීගිය වසර හතරක කාලය තුළදී මෙම කෙටි දුරකථන අංකය හරහා අවශ්‍ය උපදෙස් ලබා දී, ප්‍රතිකාර සඳහා යොමුකර රෝගීන් ලක්ෂයක් පමණ සුවපත් කර ඇති බවත් මෙම දුරකතන අංකයට දිනකට ඇමතුම් 300ත් 600ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය. සමහර රෝගීන්ට පැය 24කට වඩා කාලයක් උපදෙස් ලබා දීම සිදුකරන අවස්ථා තිබෙන බවත් මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති හෙයින් රටක් සංවර්ධනය වන විට මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුම වැඩි විය යුතු බවද සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුම නිසි ලෙස නොමැති වීම නිසා සමහර පිරිස් ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවලට යොමුවන බවත්, රට තුළ ව්‍යාජ මනෝවෛද්‍යවරුන් පවා සිටින බවත් ඊයේ (15දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කපිල රණසිංහ මහතා පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ
0 Comments