රිළවුන් ලක්‍ෂයක් චීනයට යැවීම වළකාලන රිට්  ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වන සත්ව මණ්ඩලයට ලබන 19 වැනිදා අධිකරණය කරුණු ආරක්‍ෂණ සංවිධාන ගොනු කර ඇති පෙත්සම්  සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ලබන 19 වැනිදා අධිකරණ කරුණු දක්වන ලෙස නියම කරමින්  අභියාචනාධිකරණය ඊයේ (11) නොතීසි නිකුත් කළේය.



පරීක්‍ෂණ කටයුතු සඳහා බව කියමින් මෙරටින් රිළවුන් ලක්‍ෂයක් චීනයට යැවීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වන සත්ව ආරක්‍ෂණ සංවිධාන ඇතුළු තිස් දෙනකු ගොනු කර ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේ දී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා එලෙස නොතිසි නිකුත් කළේය” ලංකා වනජීවී ආරක්‍ෂණ සංගමය පරිසරවේ දී රුක්‍ෂාන් ජයවර්ධන , මාතර ආනන්ද හිමියන් , ඔටාරා ගුණවර්ධන ඇතුළු පුද්ගලයන් තිස් දෙනකු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.

පරීක්‍ෂණ කටයුතු සඳහා බව කියමින් මෙරටින් රිළවුන් ලක්‍ෂයක් චීනයට යැවීමට සූදානම් වන බව ජනමාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු බව සඳහන් කරන පෙත්සම්කරුවෝ චීනයේ පෞද්ගලික සමාගමක් විසින් මෙම රිළවුන් චීනයට ගෙන්වීමට කටයුතු යොදා ඇති බවත් එම රිළවුන් පරික්‍ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කරති.

මෙම ක්‍රියාව සත්ව හිංසා පනතට සහ වන සහ වෘක්‍ෂලතා පනතට පටහැනි මෙන්ම නීතීවීරෝධී ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එබැවින් එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ වගඋත්තරකරුවන් අධිකරණයට කැඳවමින් නොතිසි නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටිති”  ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතිසි නිකුත් කළ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන 19 වැනිදා කැඳවීමට ද නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොළ