In-Kerala-Arikomban-installs-radio-gadgets-to-bully-elephants

කේරළයේ ඉඩුක්කි දිස්ත්‍රික්කයේ චින්නකනාල් සහ ඒ අවට ප්‍රදේශයේ ‘අරිකොම්බන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වන අලියකු නිසා මහත් පීඩාවක් පවතී. අලියාගේ වද හිංසාවට ලක් වූ ප්‍රදේශවාසීන් මේ සම්බන්ධව බලධාරීන්ට පැමිණිලි කළද කාලයක් තිස්සේ ඊට විසඳුම් ලැබී තිබුනේ නැත.
සාමාන්‍යයෙන් වන අලියන්ගේ කරදර පවතින ප්‍රෙද්ශ වල ‘රේඩියෝ කොලරය‘ නොඑසේ නම් අලියාගේ හැසිරීම් දත්ත ග්‍රහණය කරගතහැකි උපකරණ සවි කිරීම කලෙක සිට සිදුවන්නකි.

කෙසේ නමුත් මේ වන අලියාගෙන් ගුවන් විදුලි සංඥා නොලැබුණු බව නිලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසු නැවත වරක් ඒවා පිහිටුවීමට අවශ්‍යවී තිබුණි.
‘අරිකොම්බන්’ අල්ලා, රේඩියෝ කරපටි කර, සෙනසුරාදා වනයේ ඇතුළටම ගෙන ගොස් ඇරලවන ලදි . නිලධාරීන්ට අනුව උගේ සංඥා දැන් ලැබේ.
අල්ලා ගත් විගස අලියාගේ බෙල්ලේ දමා තිබූ කිලෝග්‍රෑම් අටක් බර රේඩියෝ කොලරය පැයකට වරක් සංඥා යැවීමට සැකසූ නිලධාරීහු  අල්ලා ගැනීමෙන් පසු වන සත්වයා රැගෙන ගොස් අල්ලා ගත් ස්ථානයේ සිට කිලෝමීටර 21 ක් පමණ දුරට පිටත් කර හැරියේ සන්සුන් කරවන රසායන ද්‍රව්‍ය එන්නත් ඊතල හතක් ලබා දීමෙන් පසුවය.
වන දෙපාර්තුමේන්තුව දැන් රේඩියෝ කොලරය සැපයූ සමාගම සම්බන්ධ කර ගනිමින්  අලියාගේ හැසිරීම නිරීක්ෂණය අරඹා ඇත.
පසුගිය අප්‍රේල් 29 වන දින ගන්නා ලද මෙම පින්තූර හා වීඩියෝවේ දැක්වෙන්නේ වන අලියා කේරළයේ ඉඩුක්කි හරහා වනඅලියා ප්‍රවාහනය කරන ආකාරයයි.

(ගල්ෆ් පුවත් ඇසුරිනි)