ishara-dewendra-itn-resign

ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) හිටපු ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර සිය ආයතන ප්‍රධානියෙකු  ලිංගික අල්ලස් ඉල්ලූ සිද්ධියකින්පසු ඉල්ලා අස්වී තිබුනේ මීට ටික දිනකට උඩදීය. ඇයගේ රැකියාව සම්බන්ධ ගැටලුව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ඇය ප්‍රසිද්ධ කළ පසු විශාල ප්‍රතිචාර ලැබුණ අතර පාර්ලිමේන්තුවේදී පවා කථාබහක් ඇති කෙරිණි. ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඒ ගැන සොයන බව දන්වා තිබුණි.




ස්වාධින රූපවාහිනී සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා විදේශයක සිට දන්වා සිටියේ ඒ ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන බවයි.
ඒ අනුව වැඩි දිනක් ගතවන්නට පෙරාතුව ඊට අදාළ පරීක්ෂණය ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදු කර තිබේ.ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) හිටපු ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර විසින් කරන ලද ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ පැමිණිල්ලේ මූලික විමර්ශනය ඉකුත් සතියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නීතීඥ ස්වීනා චෑන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
ඉෂාරා දේවේන්ද්‍ර මෙම පරීක්ෂණයට පැමිණ ඇගේ සාක්ෂි ලබාදී පිටව ගොස් තිබුණි.
 විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත එම නාලිකාවේ ප්‍රධානියකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විමර්ශන නිලධාරියා තීරණය කර ඇති අතර අදාළ ප්‍රධානියට කැඳවීමක් කර ඇතැයිද දැනගන්නට ලැබේ.
නීතීඥවරියගේ විමර්ශනයෙන් පසු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.