anuhas-lgbtq

LGBTQ හී ක්‍රියාකාරී සමාජිකයෙකුවන අනුහස් නම් තරුණයා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"පුද්ගලයන්ගේ මේ පෞද්ගලිකත්වයට ඇයි මේ බලධාරීන් සහ මේ ආණ්ඩුව ඇඟිලි ගහන්නේ. මම ආදරේ කරන්නෙ කාටද? මම ඇඳට යන්නේ කා එක්කද? ඒක මගේ අතිශය පෞද්ගලික කාරණාවක්. අපි ආදරය කරන එකවත් අපි කරන ලිංගික කාරණයවත් නෙවෙයි අශිෂ්ඨ සම්පන්න වෙන්නේ, මේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන එක.

මම මේ විඳපු දුක මගෙන් පස්සේ එන පරම්පරාව කොච්චර කාලයක් විඳින්නද? අපි ඉල්ලන්නේ මේ රටේ නිදහසේ ජීවත් වෙන්න. මේ රටේ නීතියත් එක්ක අපි ජීවත් වෙන්නෙ වරදකාරී හැඟීමෙන්.

තමන් කැමති කෙනෙක්ට ආදරය කරන එක වරදක්නම් ඇයි එහෙම කියන්නේ?"

තවද එම මාධ්‍ය හමුවට සහභාගී වුනු සමාජ ක්‍රියාකාරිනියක වන චානු නිමේෂා මහත්මිය මෙසේ පැවසුවාය.

"අපි ස්තූති කරනවා මේ වගේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනාපු එක ගැන. ඒ වගේම ස්තූතී කරනවා අපිට විරුදධව පෙත්සම් ගහපු මිනිස්සුන්ටත්.  මොකද ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ වගේ තීන්දුවක් අපිට ලබා දුන්නේ. පාලනය කරන්නෙ වැඩ වසම් ක්‍රමයක්නම් මේ රට දියුණු කරන්න පුළුවන්ද?

කිසිම කෙනෙකුට හිරි හැරයක් කරන්නෙ නැති තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අහිංසක ප්‍රජාවකටවත් අයිතිය දෙන්නෙ නැත්තම් මේ රටේ මේ පාලකයනුත් මේ රටේ ජනතාවනුත් මොකටද?

බෞද්ධ දර්ශනය තුළ පැහැදිලිව කියනවා බුදු හාමුදුරුවෝ හිටපු කාලෙත් ලිංගිකත්වය වෙනස් කරගෙන හිටපු එක භික්ෂුණියකට බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අවස්ථාව දෙනවා භික්ෂුණී වහන්සේට භික්ෂූණ් එක්ක එයාගේ සීලය රකින්න. ඒක තමයි සමානාත්මතාවය කියලා කියන්නේ. මේ දේශපාලකයොන්ට අපි කියනවා මිත්‍යාවෙන් ජනතාව මුලා කරන්න එපා. පාර්ලිමේන්තුවේ මේක සම්මත කරනවා කියන්නේ සිම්පල් දෙයක්. පාර්ලිමේන්තුවේ සුළුතරයකින් මේක කරන්න පුළුවන් කරුණාකරලා මේක කරලා දෙන්න."