ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැති සමුළුවක් අමතා මෙසේ පැවසීය.

"ඔයාලා කවදහරි හිතුවද මේ රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා දිනේෂ් ගුණවර්ධන අගමැති වෙයි කියලා. අපිට පෙන්වලා තිබුණා ප්‍රති විරුද්ධ පාර්ශව දෙකක් කියලා. රනිල් වික්‍රමසිංහ අපිට පෙන්වලා තිබුනේ ටයි කෝට් අඳින, මහින්ද රාජපක්ෂ පෙනවලා තිබුනේ සාටකේ පළඳින, උඩු රැවුලක් තියෙන, කුරහන් තලප කන. ඒ දෙකෙන් තමයි මේ බලවේග දෙක හැදුවේ. අර්බුදය ත්‍රීව වුනා බෙදිලා පාලනය කරන්න බෑ එකට පාලනය කරන්න ඕනෙ කියලා. තවත් එකතු නොවුනු අතුරු පතුරු තිබෙනවානම් මා දන්නවා ඊළඟ ජාතික මැතිවරණයේදිත් ඔය ඔක්කොම එකම වේදිකාවකට එනවා.



ඔවුන් හැමදාම හිතුවා නිල් පාටින්, කොල පාටින්, රනිල්ගෙන් රාජපක්ෂලට මේ දෙපැත්තටම තොටිල්ල පැද්දි පැද්දී තියෙනව කියලා හිටියා. තොටිල්ල මොකද වෙලා තියෙන්නේ ගැස්සෙන්න පටන් ගත්තා. පාළාත් පාලන මැතිවරණය කල් දැම්මේ ඔකොම එකඟතාවයෙන් තමයි කල් දැම්මේ. ඔවුන් බලය ආරක්ෂා කර ගැනීම සඳහා එකම වේදිකාවකට ගොඩ වෙනවා. අපිට ඔප්පු කරලා තියෙනවා ඒ ඔක්කොටම වඩා ප්‍රභලයි මහජනතාවගේ බලය.

සිංහල ජතාවගේ දායකත්වයෙන් පමණක් මේ පරිවර්තනය කරන්න බෑ. සිංහල දෙමළ අපි කවුරුත් එක තැනකට එන්න ඕනේ. දකුණෙන් විතරක් මේ වෙනස කරන්න බෑ. ඵලකුත් නෑ. ඒ ගොල්ලො එකතු වෙනවා පොදු ජනතාවට එරෙහිව. එහෙනම් පොදු ජනතාව වන අපේ වගකීම තමයි ඒකට එරෙහිව එකතු වෙන එක."