අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු, අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඊට අනුබල දුන් පුද්ගලයකු පෙරේදා (06දා) කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී
අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චියේ විහාර පෙදෙසේ පදිංචි, 27 හැවිරිදි පුද්ගලයකු සහ කෝණකුඹුක්ගොල්ලෑව මැදවච්චියේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී, ඝාතනය සඳහා භාවිත ආයුධය, ජංගම දුරකථනයක්, සිම් පතක් සහ ඝාතනය සිදු කළ අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. ම
ෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන මෙහෙය වූ අතර අනුරාධපුර සහකාර පොලිස් අධිකාර් සංජීව මහනාම මහතා යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාර්න් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයට ගොස් 'සහස්පුර' මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 26 දා, මැදවච්චියේ නගරාසන්නයේදී කාන්තාවන් ඇතුළු පුද්ගලයන් පිරිසක්, පුද්ගලයකුට පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර, මහාචාර්ය ඒකකයේ සිවුවැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඝාතනයට ලක්ව තිබූ බව පොලීසිය කියයි.
තියුණු ආයුධයක් ඇතිව පසුගිය අප්‍රේල් 28 දා අලුයම 4.30ට පමණ එම වාට්ටුවට ඇතුළු වූ ප්‍රධාන සැකකරු, එම වාට්ටුවේ 39 වැනි ඇඳේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි, මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි, පී.බී. ඩබ්ලිව්. රුවන් ගීත් විජිත නමැති 22 හැවිරිදි පුද්ගලයා අමානුෂික ලෙස ඝාතනය කර,
රෝහල් ආරක්ෂක අංශවලට හසු නොවී පලා ගොස් තිබූ බව අනාවරණය විය. මරණකරුට මුල් අවස්ථාවේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 01 දා මැදවච්චිය පොලීසිය කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර මෙහි පිරිමි පුද්ගලයා මරණකරු ඝාතනය කළ දිනයේ ඝාතකයා සමග අනුරාධපුර රෝහල අසලට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
මෙම ඝාතන සිද්ධිය සහ ඊට පෙර සිදු වූ පහරදීම සම්බන්ධ සියලු සැකරුවන් සහ සැකකාරියන් හෙරොයින් මත්කුඩුවලට සම්බන්ධ අයවලුන් බවත්, මරණකරු සහ ඝාතකයා යන දෙදෙනා මිතුරන් බවත් පොලීසිය කියයි. ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු සහ ඝාතනයට පැමිණි ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා පැය 72ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.
බී.ජී.චතුරංග
0 Comments