attending-mark-government

රාජ්‍ය ආයතන විධිමත් ලෙස පැමිණීම සටහන් කරගැනීමේ අවශ්‍යතාව යටතේ රාජ්‍ය සේවකයින් සඳුදා (15) දිනයේ සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙයි.
මේ දක්වා ඇතැම් රජයේ ආයතනවල පමණක් එම ක්‍රම ක්‍රියාත්මක වූ අතර 

අනෙක්වායේ පැරනි ක්‍රමයට පොතේ අත්සන් තැබීම හා කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක විය. පැරණි ක්‍රම පහසුවෙන් පැමිණීම වංචාවන්ට ලක්කිරීමට හැකිවීම හා වැරදි අතිරේක සේවා කාලයන් සටහන් කිරීම නිසා කාලයක් තිස්සේ අපයෝජනයට ලක්විය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව හෙට සිට සියලුම රජයේ ආයතන වලට මෙම ක්‍රම අනිවාර්ය වේ..
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී හා පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම තාවකාලිකව අත්හිටවන්නටද පියවර ගත්තේ නිවසේ සිට වැඩ කිරීම හඳන්වාදීම නිසයි. නමුත් මේ වනවිට එම තත්වයන් වෙනස්ව ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය මේ සමග පළවේ.