namal-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"අපි විශ්වාස කරනවා ආණ්ඩුව මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඊළඟ මාස කිහිපය ඇතුළත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා.

විමල් අයියා කියන්නෙ අපේ ඉතාමත් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් ආදරය කරපු කෙනෙක්. දේශපාලන මතභේදයක් අපි දෙගොල්ලො අතරේ ඇතිවෙලා තියෙනවා. හිතේ අමාරුවට කියන ඒවා දේශපාලන මාතෘකාවක් කරගත යුතු නැහැ.

රාජපක්ෂලගේ ඩොලර් උගන්ඩාවේ තියෙනවනම් අපි දිව්රුම් ප්‍රකාශයක් දෙන්නම් ඒ මුදල් ලංකාවට ගේන්න. ගුවන් යානා 16 ක ගෙනියන්න සල්ලි තියෙනවනම් IMF එක පස්සේ යන්න ඕනේ නෑ IMF එක ලංකාවේ පස්සේ එයි.

ත්‍රස්ත පනත යාවත්කාලීන වියයුතුයි කියලා ඉල්ලීමක් කලෙත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායම. යහපාලන ආණ්ඩු කාලසීමාව තුළ සජිත් ප්‍රේමදාස මහත්තයා හිටපු කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කරපු ත්‍රස්ත පනතේ බොහෝ යෝජනා මේකේ තිබුණා. අපිට පදනමක් තියෙනවා විරුද්ධ වෙන්න. ඒ යෝජනා අනුමත කරලා අද විරුද්ධ වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නේ පිළිබඳව අපිට සාධාරණ සැකයක් තියෙනවා."