පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ කරුණු පැහැදිලි කලේය.

"අපි දැකපු දෙයක් තමයි රජය පාර්ලිමේතුවේ න්‍යාය පත්‍රයට යොමු කරලා ඉදිරිපත් කරන සමහර කරුණු කාරණා කල් දාන්න උත්සහ දරනවා. අපි දැකලා තියෙනවා ඉතිහාසය පුරා අධිකරණයේ විනිශ්චය වන යම් කරුණු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. කථානායකවරයාට යම් අභිමතයක් ලබා දීලා තියෙනවා එම යෝජනා අධිකරණමය කටයුත්තට අගතියක් සිදු නොවන පරිදි සාකච්ඡාවෙන් එතුමා සෑහීමකට පත් වෙනවනම් ඒ සඳහා අවසරය ලබා දෙන්න.



මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීමේ කාරණයෙදී අදාළ අල්ලස ලබා ගැනීමේ කරුණ පළවෙනි වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ වර්තමාන රජයේ ගරු අධිකරණ අමාත්‍යතුමා. නමුත් අද වනතුරු ඒ පිළිබඳව කිසිම තොරතුරක් අනාවරණය කරගන්න ලැබිලා නෑ. කිසිම දූෂණයක් වංචාවක් අල්ලස් ගැනීමක් කොමිස් ගැනීමක් පිළිබඳව ගනු ලැබූ පියවරක් නෑ. අපේ රටේ කප්පම්කාරයෝ දූෂිතයෝ අල්ලස්කාරයෝ ඉතාම වාසනාවන්ත උදවිය. ඒ අයට නීතිය ඉදිරියේ කිසිදු දඬුවමක් හිමිවන්නේ නෑ. පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ලොකු කතා බහක් ඇති වුනා. ජනාධිපතිතුමා සතියකින් මේ පිළිබඳව වාර්තාවක් දෙන්න අදාළ අයට නියෝග කරා. මං දන්නෑ දැන් එතුමා බලයෙනුත් ගිහිල්ලා, එතුමට වාර්තා ලැබුනද? ඒ අනුව ක්‍රියා කලාද? මේ රටේ අල්ලස දූෂණය වංචාව නීතිගත වෙලා තියෙන්නේ.



අපේ රටට ඩොලර් මිලියන 6400ක් ලබා ගන්න තියෙන අවස්ථාව යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඩොලර් මිලියන 250ක අල්ලසක් අරගෙන යට ගහන්න දරන උත්සහය. මාස 24ක කාලයක් ලබා දීලා තියෙනවා අදාල වන්දි නඩු පවරන්න. හැබැයි මාස 23ක් ඉක්යනකම්ම මේ පිළිබඳව හා හූවක් තිබුනේ නෑ."