bobi-the-worlds-oldest-dog

මධ්‍යම පෘතුගාලයේ ජීවත්වන guard dog කුලකයට අයත් සුනඛයෙකු වන බොබී උගේ 31 වන උපන්දිනය සැමරුවේය. උගේ හිමිකරු Leonel Costa ගිනස් ලෝක වාර්තා පොතට බොබීගේ නම ඇතුළත් කිරීමට මීට මාස කීපයකට පෙර සමත්විය. ඔහු පැවසුවේ Bobi ගේ මුළු ජීවිතයම ගත කරේ Conqueiros නම් පිටිසර ගම්මානයේ පිහිටි ඔහුගේ නිවසේ බවයි.
ලබන සෙනසුරාදා බොබි වෙනුවෙන් විශාල සම්ප්‍රදායික පෘතුගීසි උපන්දින සාදයක්ද සැලසුම් කර තිබේ.
බොබිගේ උපන්දින සාදයට 100කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.
පෙබරවාරි 1 වන දින ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් ලෝක වාර්තා මගින් ඌව පිළිගැනෙන විට, ඌ බිඳ දැමුවේ 1939 දී වයස අවුරුදු 29 යි මාස පහේදී මිය ගිය ඕස්ට්‍රේලියානු සුනඛයෙකු වන බ්ලූයි විසින් මීට පෙර තබා තිබූ සියවසකට ආසන්න පැරණි වාර්තාවකි.
සුනඛයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 12 ත් 14 ත් වන අතර මෙම පෘතුගීසි බල්ලා අසාමාන්‍ය ලෙස මෙතරම් කාලයක් ජීවත්ව ඇත්තේ මිනිසුන් සමානව ආහාර ගනිමින් යහපත් පරිසිරයක සිටි නිසා බව හිමිකරු ප්‍රකාශ කර තිබේ.


 1992 මැයි 11 වන දින තවත් පැටවුන් තිදෙනෙකු සමඟ කොස්තා පවුලට අයත් ලී ගබඩා මඩුවක උපත බොබී උපත ලබා තිබේ.

පවුලට සතුන් විශාල ප්‍රමාණයක් සිටි බැවින්, අලුත උපන් බලු පැටවුන් තබා ගත නොහැකි බව පියා තීරණය කර තිබූ අතර සුනඛයින් රැගෙන යද්දී බොබීව ඉතිරිවූයේ අහම්බෙන් බව හිමිකරු පවසා ඇත.
 එක් බලු පැටියෙකු දමා ගොස් ඇති බව ඔවුන්ට වැටහුණේ නැති බවත් කුඩා පැටවාගේ වර්ණය අවට දැව සමඟ සමාන වීම ඊට හේතුවූ බවත් ඔහු පවසා ඇත. පසුව සුනඛයා ඇතිදැඩි කිරීමට නිවැසියන් තීරණය කර ඇත.

කොස්තා මහතා බොබිගේ දීර්ඝායුෂ සඳහා හේතු වී ඇත්තේ රටේ ජීවත්වීමේ සන්සුන් භාවය සහ මස් සහ මාළු විශාල ප්‍රමාණයක් ඇතුළත් ඔහුගේ මිනිසාට සමාන ආහාර රටාව බව පැහැදිලිකරයි.
“එයා හැමදාම අපි කන දේ තමයි කාලා තියෙන්නේ. ඒක තමයි ආයුෂ විඳින රහස“ හිමිකරු කියයි.
කොස්තා ගේ නිවසේ එක් බල්ලෙකු අවුරුදු 18 ක් ජීවත් වූ  බවත් තවත් බල්ලෙක් අවුරුදු 22 ක් ජීවත් වූ බවත් ඔහු පවසා ඇත.

බොබී කිසි දිනක දම්වැලකින් බැඳ හෝ දම්වැලක් දමාගෙන ගම වටේ කැලෑවල සැරිසැරීමට පුරුදු වී නැත.
අද වනවිට ඇවිදීම දුෂ්කර වී ඇති නිසා ඌ බොහෝ වේලාවක් බළලුන් සමඟ මිදුලේ එල්ලෙමින් සිටීමට කමති වන අතර නැතිනම් ආහාර ගැනීමෙන් පසු නිදා ගනී.
බොබීගේ ඇස් පෙනීම ද නරක අතට හැරී ඇති අතර,  ඌ ඇවිදින විට බොහෝ විට දේවල් සමඟ ගැටෙන බව හිමිකරු පවසයි.

මහලු වියේ පසුවන මිනිසුන් මෙන්, බොබි බොහෝ විට නිදා ගනී. ඌ ආහාර ගැනීමෙන් පසු වහාම ඇඳේ වැතිර සිටී, නමුත් සීතල දිනවල ගිනි ගොඩක් ළඟ නිදා ගැනීමට තීරණය කරයි.