අප්‍රේල් 30 වැනිදා ඇල්පිටිය පිටිගල මාපලගම ප්‍රධාන මාර්ගයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි කාන්තාවක් මිය ගියාය.
පසුගියදා ඇයගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙකී අනතුර සිදුකිරීමට ඔහුගේ මිතුරෙකුට අනුබල දීමේ චෝදනාව මතයි.
අනතුර සිදු කිරීම සඳහා සැකකරු රුපියල් ලක්ෂ 20ක මුදලක් තම මිතුරාට පොරොන්දු වී ඇතැයි පොලිසිය සොයාගෙන තිබේ.



වින්දිත කාන්තාව කලක් විදේශ රැකියාවක නියැලීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අයෙකු වන අතර ඇයගේ නමට රුපියල් ලක්ෂ 50ක ජීවිත රක්ෂණ ඔප්පු හතරක් තිබී ඇත.

රක්‍ෂණ මුදල ලබාගැනීම සඳහා සැකකරු සිය මිතුරා සමඟ එක්ව මෙම අනතුර සැලසුම් කර ඇත.

අනතුරට ලක්වූ කාන්තාව යතුරුපැදියකින් ගිය තම ඥාති තැනැත්තියක එනතුරු පාරේ බලා සිටියදී ලොරි රථයකට යටවී තිබුණි.
ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර  පසුව ඇයගේ තුවාල තත්වය හේතුවෙන් මිය ගියාය.
සැකකරුගේ මිතුරා යැයි සැලකෙන ලොරි රථ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර ඔහු සොයා මේ වනවිට පොලිසිය පරීක්ෂණ පවත්වයි. ලැබුණ සැක සහිත ආරංචි මත සැමියා අත්අඩංගුවට පත්වූ පසු මෙම විස්තර හෙලි කරගත් බව පොලිසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.