boomi-herendran

පැවැති මැයි දින රැළියක් අමතා lgbtq ප්‍රජාව වෙනුවෙන් වැඩකරන භූමි හරේන්ද්‍රන් මෙසේ පැවසීය.

"වහල් මැයි රැළියකට සම්බන්ධ නොවී ස්වාධීන ශක්තිමත් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීමමද මට භාග්‍යයක්. මම එන්.ජී.ඕ කාරයෙක්. මම දැකපු දෙයක් තමයි ලෝකේ කිසිම මුමන්ට් එකක් බෙදුම් වාදයකින් වෙන්නෙ නැහැ. දිනාගන්න යන ගමනේ එකට බැඳිලා එකමුතු කමින් එකතු වෙලා යන ගමනක් තමයි හැමදාම දිනන්නේ.

මං හිතනවා පංති, පාට, ලිංගිකත්වය, තමන්ගෙ කකුල් දෙක අතරෙ තියෙන්නේ මොකක්ද? තමන් ආදරේ කරන්නේ කාටද කියලා වැඩ ලෝකයට අදාළ වෙන්නෙ නෑ. රටේ ආර්ථිකයට මමත් මගේ ප්‍රජාවත් බොහෝ සෙයින් දායක වෙනවා.

කොළඹ නගරයේ තව දේශපාලන හෙංචයියන්ගෙන් මැයි රැළි ඇති. දුක දැකපු නැති මිනිස්සු වැඩ කරන ජනතාවගේ දුක ගැන කතා කරනවා. මේක තරම් විහිළුවක් මම කොහෙන්වත් දකින්නෑ."