borella-murder

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ දී අද (20) උදෑසන වෙඩි තැබීමක් සිදුව පුද්ගලයෙකු මරණයට පත්විය.මියගිය අය වයස 53ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සිද්ධියවූ අද දිනයේ සිය දියනිය සමග නැගනියගේ නිවසට පැමිණ කිසියම් මුදල් ප්‍රමාණයක් දියනිය අත නැගනිය වෙත යවා දියනිය එනතුරු මග බලමින් යතුරු පැදියේ සිටි අවස්ථාවක ඝාතනයට ලක්විය.


යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා මරා දමා පළාගොස් තිබුණි.බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී මෙම ඝාතනය සිදුවිය.

මියගිය පුද්ගලයා විවිධ ආයතනවලට සේවකයින් සැපයීමේ ව්‍යාපාරයක නිරත වී සිටි අයෙකු වූ අතර ඔහු අද දින පිරිසිදු කිරීමේ සේවකයින්ට වැටුප් මුදල් යැවූ අවස්ථාවක ඝාතනය සිදුව ඇත.
මීට කලකට පෙර මේජර් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව නිදහස් වූ අයෙකු බව පොලිසිය දන්වා තිබේ. වෙඩි තැබීම ටී 56 ගිනි අවියකින් සිදුකර ඇති බව හදුනාගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.